මගේ ලෝකය පිරී තිබුණේ රැකියාවත් නිවසත් අතර දෝලනය වුනු අප්‍රසන්න ඒකාකාරී බවකිනි. මගේ හිත මිතුරු සොයුරෙක් මේ ලෝකයේ නිදහසේ සැරිසරන්නෙකු වු අතර මෙහි සිදුවන ජවනිකා පිලිබඳ ඔහුගේ පම්පෝරි කතා පමණක් අසා තිබුනු මා හට ඔහුගේ කයිවාරු කතා නිසාම මේ ගැන සොයා බලන්න ට සිතුනේ නිරායාසයෙනි .
මා මෙන්ම මෙහි සිටින සියලු දෙනාත් අද්යාපනයේ ඉහලට ගොස් විවිධ වු රැකියාවත් හි නිරත වුවන් වු අතර , මෙය ඔවුන් නිදහසේ හමුවන ප්‍රාසාංගීක සමාජ ශාලාවකි. මෙය, දවසේ අනිවාර්ය රාජකාරි වලින් හෙම්බත් වු සිත් සතන් , වෙහෙසින් මුදවන කදිම තෝතැන්නක් බව මට මුලින්ම හැඟිණ .
මෙහි රැදී සිටින්නන් ඕනෑම මාතෘකාවක් යටතේ කතා කිරීමට අති දක්ෂයෝය. සොඳුරු සිතුවිලි වලින් පිරුණු මනස් ඇත්තවුන් , ඒවා අපූරුවට පද පේලි බවට හරවති. ඒ සැනෙකින් ඒවාට සෞන්දර්යාත්මක ව උත්තර බැඳීමට ද ඔවුන් අති දක්ෂයෝය.
සරලව ම වැස්ස, හුලඟ, ආදරය වැනි සුන්දර මාතෘකා ගැනද , විරහව සහ වේදනාව වැනි හිත කකියවන පැතිකඩ මෙන්ම , සම්භාව්‍ය සාහිත්‍ය ඇතුළු අනෙකුත් මාතෘකා යටතේ ද ඔවුන් වදන් වලින් පෙලහර පාන අයුරු සැබැවින්ම ආශ්වාදජනක ය.
මේ ලෝකයත් සැබැවින්ම ඇලිස් දුටු විස්ම ලන්තය බඳු යැයි මොහොතකට මට සිතුනි.
මවිතයට පත් වු මා අයාගත් මුවින් නිදහසේ ඇවිද ගොස් මෙය නිජබිම කර ගත්තවුන් කතා කරන්නේ මොනවා දැයි විමසිලිමත් විය.
හර බර ලේඛන බොහෝය . ඒ සමහර දෑ මට නොතේරෙන තරම්ය .මවු භාශාවෙන් මෙන්ම කඩු හරඹයෙන්ද ඔවුන් අපූරුවට දස්කම් පානු මම දුටිමි . මේවාට හූ මිටි පමනක් තබන්නන් ද, විවේචනය කරන්නන්ද, මිසයිල ප්‍රහාර එල්ල කරන්නවුන්ද දස අතය.
මෙහි තහනම් නියෝග , වාරන නැතුවා සේය. තම තමන්ගෙ සිතැඟි නිදහසේ ප්‍රකාශ කිරීමට ඉඩ සැලසී ඇති හැටි බැලු හැම තැනම දුටිමි .
ගැහැනු , පිරිමි භේදයකුදු මෙහි නැත. ඔවුන් දෙගොල්ල හරි හරියට එකට එක කියා ගනිති. මේ බොහෝ දෑ මට නුහුරුය. නමුදු මම වින්දනයක් ද ලබමි.
මෙහි සිටින පතාක යෝදයෙක් මට කැමති දෙයක් ලිවිය හැකි බව ත්, මෙය ඒ තරමට සරල බවත් දැන්වීය. ඔහුගේ එම දැනුම් දීම මගේ හිතේ තිබු භිය ඉවත් කිරීමට මහඟු රුකුලක් වු බව විශේෂයෙන් සඳහන් කල යුතුය . නමුත් ඔහුගේ වචන මට නුහුරුය , නුපුරුදුය. ඔහු මා “උඹ” යන්නෙන් ඇමතීම මට අවුලකි. මූන දිග් වුයේ ඉබේටම ය. එය ගනන් ගත යුත්තක් නොවන බව මගේ හිත මිතුරා මට පැවසූයේ මට පරිභව කරමිනි . ඒකත් එහෙම දැයි සිතමින් මේ ලෝකයේ හැටි එහෙම යැයි හිත හදා ගතිමි .
ඔවුනොවුන් හඳුන්වා දීම සඳහා ඔවුන් අනවර්ත නම් පටබැඳගෙන ඇත.ඒ මන්දැයි මම නම් නොදනිමි .මේ ලෝකයේ එහෙම යැයි මම අසා තිබු නු නිසා, සහ වවුලාගේ ගෙදරට යන්නේ නම් අප ද එල්ලී සිටිය යුතු බැවින් මට ද එලෙස නමක් ආඳා ගැනීමට සිදුවිය .එම අනවර්ත නාමයන් පවා හාස්‍ය ජනකය.
වරෙක අභියෝගාත්මක ව කතා කරන ඔවුන් , වරෙක සහෝදරත්වයෙන් දෑත් දිගු කරයි.
හාවුන් , මුවැත්තියන් මෙන් සියුමැලි අන්ගනාවන්ද මෙහි නිදහසේ සැරි සරති.ඔවුනද පිරිමීන් මෙන් හරි හරියට වදන් වලින් දස්කම් විදහා පායි. මෙම අඟනන් ගේ කවි සිත් වලට ප්‍රේම කරන වුන් බොහෝය. ඒ අතර ඒ හිත් අයිතිකාරියන්ටද හොරෙන් , හොරෙන් love කරන අය නැතුවාම නොවේ. ඒ කවි සිත් ද ඒ තරමටම ප්‍රේමනීය බැවින් ඒ වටා රඟන බඹර කැල අමන්දානන්දයට පත්ව ඇති සෙයකි .
මට හැඟුනු පරිදි මෙය අමුතුම ලෝකයකි. ඒහෙත් ඒ අමුතු බව තුල සැඟවුණු සුන්දරත්වය ක් පිරී තිබූ අතර, සොඳුරු සෞන්දර්යයවාදීන් එම කරලිය තුල අපූරුවට රඟ දක්වයි. ආදුනිකයන් හට තම තමන්ගෙ දස්කම් ඉස්මතු වනතෙක් රඟන්නට ඔවුන් සෙනෙහසින් ආරාධනා කරයි.
මේ සියලු මා දුටු දෑට අමතරව, මීට හාත්පසින්ම වෙනස් වූ , පරිගණකය භාවිතයෙන් පමනක්ම මෙහි ලියන කියන අයත් ඇති බවත්, ඔවුන්ගේ සමාගම් මීට වඩා වෙනස් බවත් , එවන් අය මට තවමත් මුන ගැසී නැති බවත්, කෙසේ වෙතත් මෙහි පරිස්සමින් සැරි සැරිය යුතු බවත් ප්‍රිය මනාප පලපුරුදු සාමජිකයෙක් හීන් හඬින් මගේ කනට කොඳුරා යන්නට ගියේය .
අතරමං නොවී කතරගම යෑමට නම් හරියට ම දැනගෙන සිටිය යුතු බව කුඩා කල අම්මා කියා දුන් අයුරු යලිත් මතක් විය.
විස්මලන්තය හිටපු ගමන් පිස්සු ලන්තය වෙනවා, වෙලාවකට පකිස්ලන්තය වෙනවා , හිටපු ගමන් වැලි කුණාටු , සැඩ පහරවල් ගලාගෙන ඒවා, ගැන වතුර , හිම කුණාටු එනවා පරිස්සමින් පැදන් යන්න ඉතින්.
LikeLiked by 1 person
කවුද බොලේ මේ ඇලිස්? :))) කවුරු උනත් සෑහෙන්න අධ්‍යයනයක් කරලා තියෙන හැඩයි.. ඔව්වොව්.. කොතන උනත් දැනගෙන ගියොත් කතරගම යන්න පුළුවන්.. ජයවේවා!
LikeLiked by 1 person
ඇත්තටම ඇඩ්මිරල් මේක අති හයානක ඉස්මලන්තයක්ද හැබෑට
කතරගම ගිහින් ප්ලාස්ටික් මාලයක් දාගෙන දෙහි මිරිස් ලූනු උම්බලකඩ එල්ලගෙනම ලියන්න ඕනෙද?
LikeLiked by 1 person
සුප්රින් කෝට්කෙටෙන් අහන්න ඕනි පස්නනේ නීතිඥතුමා මගෙන් අහන්නේ හිටං.. උත්තරේ මොකක්ද පහ කියන්නද හය කියන්නද.. අනේ අම්මෝ..
LikeLiked by 1 person
දරුමකීර්ති විද්යාඥතුමාගෙන් අහල කියන්නකො. එතුමා ගාව ටෙලස්කෝප් එකක් තියේ
LikeLiked by 1 person
ඒකට පේන්නේ රුසියාවේ පස්න විතරක් කියල මං හිතුවේ.. හැක්.
LikeLiked by 1 person
එතුමාගෙ ලස්සන කොන්ඩ ගස් ටික බේරගන්න ඕනෙ නිසා ලියන්නෙ එච්චරයි. ඒත් ඒකෙන් අල්ලපු ගෙදර වුනත් පේනවා. පස් හය මහ බැලුම් වුනත්
LikeLiked by 1 person
Guys , leave him alone
LikeLike
ඔක්කොම හොඳයි.. අල්ලපු ගෙදර ඒවා පේන එකනම් ටිකක් අවුල්.. හැක් හැක්..
LikeLiked by 1 person
ස්තුතියි කමී
LikeLike
මෙ පොස්ට් එක ගැන උබගෙ බ්ලොග් එකෙ කෙමෙන්ට් දාන්න බැහැ යකො.
LikeLiked by 1 person
පරිස්සමින් ඉන්නම්. අවවාදයට ස්තුතියි .
LikeLike
අන්නේකයි , මහාධිකරණ විනිසුරු ප්‍රදීප් ආපු දවස්වල මටත් හොරෙන් අල්ලපු ගෙදර දිහා බලලද කොහෙද
LikeLiked by 1 person
සුවර්ද?
LikeLiked by 1 person
ඇයි නැද්ද??? බොරුද මම කියන්නෙ ??
LikeLike
ජයවේවා
LikeLiked by 1 person
ස්තුතියි ඔබට
LikeLike
කවුද බොලේ පතාක යෝදය, එතකොට කවුද බොලේ හාව. ඔය හාවො කොටි වෙන වෙලාවලුත් තියේ. හැක්..
LikeLiked by 1 person
හාවෝ මුවෝ වගේ , අන්ගනාවෝ කියලා නේ මම කිව්වේ. ඒ කියන්නෙ හාවියෝ……
LikeLiked by 1 person
පතාක යෝදයා ඉතින් අර ඉන්නේ ….
Guess who…
ස්තුතියි Pra සන්
LikeLiked by 1 person
මගේ ඉස්සර ලවු එක ඇසිලියා නේ ……මෙ ඇලිස්
විචාරක දියණිය
LikeLiked by 1 person
ඒ පාර මේ මොකක්ද වෙන්නෙ ?
LikeLike
@KAMIYA රුසියාවේ ප්‍රශ්න ලියුවහම බෙල්ලේ බේරාගෙන හිටියැකි කියල තේරුණා එහෙනම්. තනිකර වැරදි. මේ අන්තිමට ලියපු එකත් ලනක්ව ගැන ලියල තියෙන්නේ. හොඳට කියවල බලන්න
LikeLiked by 1 person
කමී ලිව්ව එක ලිපියක් කියවූවා
කමී නිසා මේ පැත්තට දිව ආවා
නිමී නොකර එක දිගටම කියවූවා
දුමී මමයි කවියෙන් සුපැතුම් පෑවා…
ජයවේවා!!!
LikeLiked by 1 person
ස්තුතියි දුමී . මම ඔයාගේ උත්තර කවි කියවලා තියෙනවා . මම ලියපු එකේ, ඔයාගෙ දස්කම් සඳහන් වෙනවා. ඔයාලගෙ දස්කම් ඒ තරම් ඉහලයි.
මම දැක්කා ඔයාට ලී කෑල්ලක් දැක්කත් කවියක් ලියන්න පුලුවන් කියලා . ඒක නම් ඇත්තමයි කියලා තමයි මටත් හිතුනෙ .
මොනවා හරි ලියන්න දක්ෂ කමක් තියෙන වාද කියලා වත් නොදැන ආසාව නිසාම ගත්තු. උත්සාහයක් මේක.
මොනවා හරි ලියාගන්න පුලුවන් වේවිද ඉස්සරහට ??
LikeLike
ඇලිස් නියමෙට විස්මලන්තෙ දැකලා නොවැ… හි හී හී
LikeLiked by 1 person
ඇත්තද ??
LikeLike
ඔව්, මට මතකයි අපිටත් ඔහොම කාලයක් තිබුනා…
දිගටම ලියන්න. ජය !!
LikeLiked by 1 person
විස්මලන්තේ හරි අපූරුයි. ඒ වගේම අජිත් මහත්මයා ඔය උඩින් කියලා තියෙනවා වගේ ඒක උඩුයටිකුරු වෙන වෙලාවලුත් තියෙනවා. පරිස්සමෙන් අඩිය තියාගෙන යන්න පුළුවන්නම් හරිම සුන්දර ලෝකයක්. සුබ පැතුම් දිග ගමනකට! 🙂
මේ බ්ලොග් එකේ පසුගිය ලිපි හොයාගන්න අමාරුයිනෙ. අලුත් ලිපි ගැන දැනගන්න ෆලොවර්ස් ගැජට් එකක් හරි ඊමේල් සබ්ස්ක්රිප්ෂන් එකක් හරි තියනවනම් පහසුයි. පුළුවන්නම් ඒවාට පිළියමක් යොදන්නකෝ.
LikeLiked by 1 person
කමියො..ඔන්න අද ඉදලා අපි මෙකෙ වල බහිනවා
LikeLiked by 1 person
ඔන්න කොළොම්පුරෙනුත් විස්මලත්තෙට ගොඩවැදුනා
LikeLiked by 1 person
කොහොමද මේ පැත්ත ??
LikeLike