මන්ද කිව මැන…..

හිඳින්නට මගෙ මතකයේ

හැංගිලා සදහට…..

කියනු මැන මන්ද ඔබ හට

අවැසි වනුයේ මගේ පෙම්වත……

රිදුම් දෙන ඔබ මතක අතරේ

හිඳින විට දෙසවන් අයා ගෙන……

නිහඬ වී හිඳි ඔබේ හද තුල 

බොඳවෙලා ගියේ අපේ ආලය……

ඔබ අමතක කල අපේ පුරාවත

නොමැකුනු මතකය සඟවා යටිහිත

කඳුලු වසන් කර පවසමි ඔබහට

අසාධාරණ පෙම්වතා ඔබ……

Author: Chandani

I am a veterinary surgeon and Sri Lankan nationality .

14 thoughts on “මන්ද කිව මැන…..”

  1. අහා..
    ඔබේ මුව විවර විද..
    ඔව්..
    අසාධාරණයි මා ඔබ කියූ ලෙස..
    මතකද..
    දඟකාර ඔබේ කියඹු රැළි..
    ගතු කියද්දී නළල මත හිඳ..
    ලොවට රහසෙන් තවරා හාදුවක්..
    සත්තයි ආදරෙයි කියූ බව මා..
    මතකද..
    මුහුදු හුළඟට අවසඟව..
    විසිර යද්දී සිනිදු සළුපිලි..
    ලිහනු තබා ඔබන්නේ හෝ නැතුව..
    රැක ගත් බව ආදරෙන් හෙට දවසට..
    මතකද..
    ජීවිතය නාය ගිය අකල් අනෝරාවකට පසු..
    රිදුනු, තැවුණු ඇවිලුණු මහිත අබියස..
    විඩාපත්ව.. තවත් ඉවසනු බැරිව..
    හැරගිය බව මාව..හීතල හදවතින්..
    ඒ වගේම මතකද..
    කොතෙක් රිදුනද, තැවුනද ඇවිලුනද ..
    ඔබව තනිකර නොහැකිව මගේ හිත..
    මා හැරදා ඔබ සමඟම නික්ම ගිය වග..
    ඉදින් පෙම්වතිය..
    ඒ හිත සොයා ඔබ තුලම සැඟවෙනු මිස..
    වෙන විකල්පයක් නොමැත මා හට..
    යලි සුපෙම්වත්ව පිපි දිලිසෙනු නොහැකිය..
    තැලුණු හැකිලුනු ප්‍රථම ප්‍රේමයේ පෙති සමඟ..

    -ක.මි.

    Liked by 1 person

    1. අහගත්තා මම ….. හිත පිරෙන්නම…
      ගින්දර වගේ නේ…..
      ඉතුරු ටික…… බලධරයා විසින් කපා හරින ලදී .
      Sorry ,කමී …..

      Like

      1. කමියාගේ කවි සිත අවදි වී ඇත. සිතුවිලි අරණේ නිසඳස ත් කමියගේ පිළිතුරත් අගෙයි.
        //ඉතුරු ටික…… බලධරයා විසින් කපා හරින ලදී .// මොකක් —එහෙම කරන්න දෙන්න පුලුවන්ද අන්තිම අසාධාරණයි

        Liked by 1 person

  2. ඔයාගේ කවිය බොහොම අපූරුයි…… අර කමීගේ උත්තරේ ඊටත් අපූරුයි….

    Liked by 1 person

    1. සඳවතී යට ස්තූතියි . ඔයාගේ සොඳුරු හිත ට අපි ආදරෙයි. කමී තමයි නියම කවි කාරයා නේද.

      Like

  3. අසාධාරණ වුනේ කොහොමද
    ලෝකයේ ඇති හැම වතාවතක්ම
    ඔබ පිලි පදින කොට

    නිදහස් ව උපන්නත්
    ඔබටම කියා නිදහස් හිතක්
    ඔබ රැගෙන ආවේ නැති එකට

    මුණ ගැහෙන හැම සිරිතක්ම
    හද රිදන හැම විරිතක්ම
    හිත රිදී දෙන විටදිමත්
    ඔබ පිලි පදින කොට
    – අසාධාරණ පෙම්වතා කොළඹ ගමයාට එවූ පණිවිඩය කින් උපුටා ගන්නා ලදී

    Liked by 1 person

    1. සුද්දාටත් වඩා සුද්දෙක් වූ ලාංකික යෙක් ……. ඔබ …

      ක.මී. අසාධාරණ පෙම්වතා …..
      ඔබ,….. සාහසික ….. පෙම්වතා …😜

      Like

Leave a comment