සෙනෙහසින්  ඔබට ….

සිතුවිලි අරනක 

දැහැනකට සමවැදී 

කියවද්දි ඔබ – මගේ හදවත 
මගේ දෙනයන තුලින් ඉහිරුනු 

කඳුලු පිනි  කැටි සෙමින් පිසදා  

තුරුළු කරගෙන ඔබේ වදනින් 

අහිංසක  මගේ හද වෙත

සිසිලසක්  ගෙනා බව

නොදනී මුත් ඔබ සබඳ
ලෙන්ගතු වදන් වැකි

හිත  යටින් පිරවෙද්දී

රිදුනු හද හිනැහුනා

මගහැරී තිබුනු  දුක් .

හිත නිවන සොඳුරු හිත 

හිමිව ඇති සබඳ ඔබ

තුති ඔබට සහා ඔබේ

සන්වේදී හද මඬලට

තැවරුවාට හිතේ පාට .

වසන්තය ඉක්මවෙමින් තිබූ…..

සිනහව වියපත් වෙමින් තිබූ…….

ජීවිතය මගහැරුනු

ව්ඩාබර මගේ හිතට 

සිසිලසක්  ගෙනාවාට

Author: Chandani

I am a veterinary surgeon and Sri Lankan nationality .

11 thoughts on “සෙනෙහසින්  ඔබට ….”

    1. ස්තූතියි ඔබට . ජීවිතයේ පලමු පදවැල. අසාර්ථක උත්සාහයක් කියලායි මම හිතුවෙ .

      Like

  1. ඔන්න මමත් ආවා…. පලමු උත්සහය ගොඩක් සාර්ථකයි කියලයි මට හිතෙන්නේ… සුබ පැතුම්

    Liked by 1 person

  2. සිතුවිලි අරණක උපන්..
    සොඳුරු සිතුවිලි..
    වින්දෙමි කියෙව්වෙමි..
    හැඳිනුවෙමි..
    නොහඳුනන මුත් එ’හදවත
    කඳුලැලි හොඳින් හඳුනමි..
    එනිසාම..
    වදනකින් වුව..
    සිසිලක් වන්නටම
    සිතුවෙමි.. 🙂

    අපූරු පදපෙළ! දිගටම ලියන්න. ජයවේවා!

    Liked by 1 person

    1. ස්තුතියි ඔබට , සෙනෙහෙවන්ත වදන් වලට . ඔබ සැබවින්ම සොඳුරු මිතුරෙකු යැයි මට හිතේ.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s