අටවන  පරිච්ඡේදය 

“මම කියන්නෙ නෑ මම ඔයාව අද ඉඳන්  අතාරිනවා කියලා . ඒත් ඉස්සර වගේම මට ඔයා ලඟින් ඉන්න බැරි වේවි. ඒ වුනත් මාව විශ්වාස  කරන්න , මට ඉඩක් ලැබුණු වෙලාවට මම ඔයාට  කතා කරන්නම් .”

“කාලයත් එක්ක ඔයාට අද තරම් දුකක් දැනෙන එකක් නෑ. ඔයාට දැනෙන දුක අඩුවේවි. ඒක ඔයාගේ ජිවිතයේ ලොකු  වෙනසකට ඉඩ සලසලා දේවි.”
“මට තේරෙනවා ජයන්ත , අපේ ජීවිත වල සමහර වැදගත් තීරන අපේ කන්ට්‍රෝල් එකෙන් එහාට ගිය ඒවා.”
“ඔයාට මේ වෙලාවේ  තීරණය කරන්න වෙනවා මොනවාද  ඔයා ඉස්සරහට  කරන්නේ කියලා . ඔයාට  ජීවිතය වෙනස් කරගන්න  තීරණය කරන්න වෙනවා . මම කියන්නෙ  කසාද බඳින්න  තීරණය  කරන්න  කියලා .
කඩන් වැටෙන්න  තිබුනු වහලෙ බිමටම කඩන් වැටුනා මාලනී ගේ හිත  කුඩු පට්ටම්  කරගෙන .

මුලු ලෝකයම එකවරම  නතර වුනා වගේ මාලනී ඔහේ බලන් හිටියා  කිසිම දෙයක් කියන්නෙ නැතුව .
මාලනී ට එයාගෙ ජීවිතය විසින් නැවත වරක් මතක් කරලා දුන්නා ඕනෑම  කෙනෙක්ට , බලාපොරොත්තු නොවුනු ම වෙලාවක , අකුනක් වදින්න පුලුවන්  බව , අපි කවුද කියලා  වෙනසක් නැතුව . 

ඒ වගේම ඊලඟ මොහොතේ මොනවා වෙයිද කියලා  අපි කවුරුවත්  නොදන්නවා බව.

මාලනී ට තේරුම් ගියා ඒ ඒ අවස්තාවන් සහ  වටපිටාව  අනුව , අපිට අපේ ජීවිත වල තීරන ගන්න  සහ සමහර තීරන වෙනස් කරන්න සිදුවන  බව.
ඒ  නිසාම තමය, අම්මාත් නැතිව මේ ලෝකේ  තනිවුනු මාලනී ගේ ජීවිතයට ජයන්ත  නැවත ඇතුලු වෙන්නෙත් , ජයන්ත ගේ ජීවිතය සන්කීර්න වෙද්දි එයා මාලනී ගෙන් ඈත් වෙන්නෙත් .
“මම දන්නෙ නෑ ජයන්ත , මට තව කෙනෙක්ට ආදරය කරන්න , තව කෙනෙක් එක්ක ජීවිතය බෙදා ගන්න , පුලුවන් වෙයිද කියලා . ඒක  කාලයට බාර දෙමු. ඒත්  මම  පොරොන්දු වෙන්නම් මම ඒකට උත්සාහ ගන්නවා  කියලා .”
ඊට පස්සෙ  දින, සති, මාස ගෙවිලා  ගියා . ජයන්ත  ,පොරොන්දු වුනු විදියට ම, මාලනී  බලන්න ආවා . ඒත්  ඉස්සර වගේම  නෙමෙයි . අඩුම  ගානේ  මාසයකට  දවසක් වත් එයාලා හමුවුණා . දවස ගානේ නොවුනාත් සතියකට වරක් වත්  ටෙලිපෝන්  කලා. විස්තර  හොයලා බැලුවා .

මේ හැම දෙයක්මත් එක්කම , මාලනී ගේ හිතින් ජයන්ත ව එහාට කරන්න  එයාට  අමතක වුනා .
හැමදාම  ආදරය කරපු ……. හිත පිරෙන්න  ආදරය දීපු…… නැතිවෙයි  කියලා  බයෙන්  හිටපු  අයත්  අහිමි වුනාට පස්සෙ , හෙට දවස , තව මොනවා අරන් එන්නද? මාලනී ට හැම වෙලේම හිතුනෙ එහෙම .
මාලනී හීන දැක්කේ ජයන්ත  ඊලඟ ට මුනගැහෙන දිනය. 

ජීවිතය , යතාර්ථය, මාලනී ව තෙරපා ගෙන ඉඳිද්දි, කවදාවත්  ම යතාර්ථයක් කරගන්න  බැරිවුනු ජයන්ත ගැන , හීන දැක්කාට වරදක්  නැහැ  කියලා මාලනී ට හිතුනා .
මාලනී පොත් කියවන්න පුරුදු වෙන්නේ ඔය අතරෙ . පොතක් ඉවර  වෙන්න  පොතක්  කියෙව්වා. හිත  දුකින් පිරෙන්න ඉඩ හොයලා දෙන , කිසිම දෙයක් සිදු නොවෙන හිස් කාල පරාස, මග හරවා ගන්න තමයි එයා, එහෙම  කලේ.
ඔහොම කාලෙ ගෙවෙද්දි , ජීවිතයේ ඒකාකාරී බවට මාලනී  ඇලුම් කරන්න පුරුදු වෙනවා . ඒත් එක්කම ඒ පාලු ජීවිතයේ ඇති නිස්කලංක  බවට මාලනී තදින්  බැඳෙනවා.

Author: Chandani

I am a veterinary surgeon and Sri Lankan nationality .

2 thoughts on “අටවන  පරිච්ඡේදය ”

  1. කතාව ගලාගෙන යනවා. හැබැයි නිකන් හදී ඉක්මන්කාරී බවක් දැනෙනවා? ඔයාගේ හිතේ හැදෙන කතාව ඉකමනට ලියල ඉවර කරනන් ඕනේ වගේ දෙයක්. හැබැයි එක ඔයාගේ ශෛලිය නිසා මුකුත් කරනන් එපා. මම කතාවට කැමතියි. ටිකක් වෙනස් පන්නයේ අදර කතාවක්

    Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s