පස්වන  පරිච්ඡේදය 

අපි අතරෙ හරි අවබෝධයක් තිබුනා මට මතක් වෙනවා මගේ ඉතාම සියුම් ඉරියව් පවා එයා මොහොතින් අඳුන ගන්නවා . අපි දෙන්නාගේ කැමති අකමැති දේවල් අපි දෙන්නාම නිවැරදිව දැනගෙන හිටියා .
උදාහරණයක් කිව්වොත්, මම කැමතිම පාට දෙක අළු සහා කොල කියලා , මම කැමතිම ගායකයා සුනිල් එදිරිසිංහ කියලා , ඒත් එක්කම මම ජෝතිපාල ලෝලියෙක් කියලා , ඒ වගේම මම කසුරි ට කැමතියි කියලා , ඩෝ නට් කන්න කැමතියි කියලා, ඉඳිආප්ප පොල් සම්බෝල සහ මාලු කිරි හොදි කන්න ආසයි කියලා.

ඒවගේම එයා කන්න කැමති ම කෑම, කැමති පාට, කැමති ගායකයෝ, කැමති සින්දු, කැමති තැන්, හැම දෙයක්ම මම .දැනගෙන හිටියා.අපි හිටියේ සතුටින් . ඒත් මගෙ ගෙදරින් තියෙන විරුද්ධ බවට එයා හිටියේ කනස්සල්ලෙන්

ඔහොම ඉන්න අතරෙ තමයි මම ඇක්සිඩන්ට් වෙන්නෙ. කකුල කැඩිලා ඇන හතරක් දාන්න සිද්ද වෙනවා.

දවස් 21ක් මම කොලඹ ඇක්සිඩන්ට් වෝඩ් එකේ. ලෙඩ්ඩු බලන වෙලාවට ගෙදරින් එන නිසා ජයන්ත එන්නේ ලෙඩ්ඩු බලන වෙලාව ඉවර වුනාම. ෆැබ් එකෙන් කේක් අරන් ඇවිත් දීලා වාට්ටුවේ නර්ස් නෝනලා ටික යාලු කරගෙන . එයා 2.00ට ආවාම 4.00 වෙනකං මගේ ලඟින් ඉන්න එයාට ඉඩ දෙනවා. අම්මා ගේන බත් එක පස්සෙ කන්නම් කියලා තියාගෙන ඉන්නවා ජයන්ත එනකන්. එයා මට බත් ටික කවලා, කතා කර කර ඉඳලා තමයි යන්නේ.

දවස් 21කට පස්සෙ මාව ගෙදර එක්කන් යනවා. එතනින් අපි දෙන්නාට මුන ගැහෙන්න තියෙන හැම අවස්තාවක්ම නැති වෙනවා . මාව මෙඩිකල් ලීව් පිට මාස 5කට ගෙදර ට කොටු වෙනවා . අම්මා ගෙදර නැති වුනු ගමන් මම හොරෙන් ජයන්ත ට කෝල් කරනව. එහෙම තමයි කාලය ගෙවුණේ . මාස 5කට පස්සෙ මට ගෙදර ට අසන්න තැනකට මාරුවීමක් ලැබෙනවා . උදේට ගෙදරින් කෙනෙක් වාහනේක මාව ගිහින් බස්සවනවා. හවසට ඔෆිස් එකේ කෙනෙක් එක්ක එන්න පුලුවන් කියලා ගෙදරට කියලා , ජයන්ත එක්ක එනවා. 4.30ට ඔෆිස් ඉවර වුනාම මම එතනටම වෙලා ඉන්නවා එයා එනකන් . මම එතකොට ඇවිදින්නේ කිහිලි කරු දෙකෙන්. ජයන්ත මාව උස්සලා වාහනේ න් වාඩි කරවන්නේ , එයාගෙ ටවුන් ඒස් වෑන් එකට මට නගින්න බැරි නිසා. ගෙදරට කලින් බස් හෝල්ට් එකේ මාව බස්සලා එතනින් 3 වීල් එකකින් ගෙදර එනවා. මාස දෙකකින් විතර එක කිහිලි කරුවක් අයින් කරනවා. මට ටිකක් හොඳයි.

ඒ අතරෙ මට ටිකක් තේරෙනවා එක පාරටම මාව බස්සවන්නෙ නැතුව මෙයා වටේට රවුම් කීපයක් දුරට ගිහින් තව වෙලා ව අරගෙන තමයි මට යන්න දෙන්නෙ කියලා . ඒත් ඒක ගැන අහන්න කතා කරන්න මට හිතුනෙ නෑ. තවත් මාස තුනකින් අනිත් කිහිලි කරුවත් අයින් කරන්න මට වෛද්‍ය උපදෙස් ලැබෙනවා . ඊට පස්සෙ ඒ ලඟම දවසක ජයන්ත මට කියනවා ඊලඟ දවසේ එනකොට සාරියක් අඳලා එන්න කියලා . එයා ම මට ගෙනත් දුන්නු ලස්සන කොට්න් සාරියක් තිබුනා මමත් ඉතාම කැමති .මම එදා ඒක ඇඳලා ගියේ. හවස මාව ඔෆිස් එක ලඟින් අරගෙන එයා මාව එක්කන් ගියේ ස්ටුඩියෝ එකකට. අපි දෙන්නා එකට ඉඳලා ෆොටෝ දෙකක් ගත්තා . අදටත් ඒ ෆොටෝ දෙක මම ගාව පරිස්සමින් තියෙනවා . ඒ ෆොටෝ දෙක අපි අතට ලැබුනටත් පස්සෙ දවසක ජයන්ත මට කතා කරලා කිව්වා අපි ට තව දුරටත් මේ ගමන එකට යන්න බෑ. ඔයාගෙ ගෙදරින් මාව දෙකේ කොලේට දාන එක කවදාවත් වෙනස් වෙන්නෙ නෑ. ඔයාට ගෙදරින් ගේන යෝජනා වලට ඔයා කැමති වෙන්නෙත් නෑ මම ඉන්න නිසා . ඒනිසා මම හිතුවා ඔයාව මේකෙන් නිදහස් කරන්න කියලා .

පැරශූට් එකක් නැතුවම අහසින් බිමට කඩන් වැටුනා මාව.

කඳුලු පුරෝගෙන මම ඇහුවා මොකද වුනේ කියලා .
එයා කිව්වෙ එයා මාව හිර කරගෙන ඉන්න බවක් සහ ඒ නිසාම මට හොඳ ගෙදර අයත් කැමති කෙනෙක් හොයා ගන්න අවස්තාව එයා මට නැති කරලා කියලා එයාට හිතෙන බවත්, ඒ නිසාම ටික කලක් තිස්සේ එයත් දන්න , එයාට බොහොම කැමැත්තෙන් හිටපු කෙනෙක් හිටියා . අපි විවාහ ගිවිස ගත්තා කියලා .

මොන තරම් ප්‍රශ්න ආවත් , ගෙවුණු කාලය හරිම සුන්දරයි, ඒ අදරයයි, මතක ගොන්නයි හිතේ මුල්ලක තියාගෙන අම්මලා ගේන යෝජනා වකට කැමති වෙලා යන තැනක හොඳින් ඉන්න කියලා එයා මගෙන් වෙන් වෙලා ගියා.

“හ්ම්ම්ම්ම්!”
චිත්‍රා ට සුසුමක් හෙලුනේ ඉබේටම. වචනයක් වත් කියන්නෙ නැතුව මම දිහා බලන් හිටියේ හරියටම මොනවා කියන්නද කියලා හිතාගන්න බැරිව වගේ.

“එයාගේ යටි හිතේ මේක තියාගෙන තමයි එයා අන්තිම දවස් ටික ගත කලේ කියලා මම දැන් දන්නවා . කකුල් දෙකෙන් නැවත හිට ගන්නකන් තමයි ඉන්න ඇත්තේ . එහෙම නොකලොත් එයාගෙ ම හර්ද සාක්ෂිය එයාට දොස් කියයි කියලා වෙන්න ඇති.” ඒත් එක්කම ජීවිත කාලයටම අමතක නොවෙන මතක සැමරුමක් දීලා යන්න වෙන්න ඇති ෆොටෝ දෙක අරගන්න ඇත්තේ .”

“ඔව්, එහෙම වෙන්න ඇති . ඒත් ඔයා කිව්වෙ අවුරුදු 17ක් ඒ කතාව ඇදුනා කියලා .”

“හ්ම්ම්ම්!”
මාලනීට සුසුමක් හෙලුනේ ඉබේටම .
“අපේ ජීවිත වල සිද්ද වෙන දේවල් හරිම පුදුමාකාරයි චිත්‍රා .
ඒ වගේම මට හිතෙනවා අපි ට මුන ගැහෙන හැම කෙනෙක් ම අපිට මුන ගැහෙන්න , හොඳට හෝ නරකට , නියමිත වෙලා තිබෙන අය වෙන්න ඇති කියලා . ”

අමාරුවෙන් හිත හදා ගෙන ඉන්න පුරුදු වුනා . ඊට පස්සෙ ගෙදරින් ගෙනාපු යෝජනා හැම එකකටම බෑ කියලා මග ඇරියා.” මට ගොඩක් දුක හිතුනු වෙලාවට මම ජයන්ත ට කෝල් කලා. මට තනියම හිත හදා ගන්න වෙන්න ඇති , කෝල්ස් වලට උත්තර දුන්නාට කවදාවත් මාව මුන ගැහෙන්න ආවෙ නෑ. ”
ඒත් ඔයා දන්නවාද පිරිමි පියවි සිහියෙන් පාලනය කරගෙන හිර කරගෙන ඉන්න ගොඩක් දේවල් ඇල්කොහොල් වලින් නිදහස් වෙනවා. එයා කොහේ හරි පාටියකට ගිය හැම රැකම මට කෝල් එකක් ආවා. විනාඩියක් දෙකක් කතා කරලා තියනවා.”
ඔය අතරෙ තමයි මගේ අම්මා ලෙඩ වෙන්නෙ. මම ඒ බව ජයන්ත ට කියලා තිබුණේ . මාස තුන හතරකින් අම්මා නැති වෙනවා.

හයවන පරිච්ඡේදය

අම්මාගේ නැති වීමත් එක්ක මගේ ජීවිතය කඩාගෙන වැටෙනවා. මේ ලෝකේ මම තනිවෙනවා.

මම තේරුම් ගත්තා මගේ ජීවිතය සම්බන්ධ ව මගේ තිබුනු හීන ආයේ කවදාවත් ඉශ්ට නොවෙන බව . ගැහැනු ලමයෙක්ට එයාගෙ අම්මා නැති වුනා ම ඒකට සමගාමීව ගොඩක් දේවල් අහිමි වෙනවා . රැකවරණය පලවෙනි දේ. එයාව කසාද බන්දවා දෙන්න අම්මා කෙනෙක් ට තරම් වෙන කාටවත් වුවමනා නෑ.
මහගෙදර මම තනි වුනා . අඩුම ගානේ තනියම ඉන්න පුලුවන් ද ඔයාට කියලා අහන්න කෙනෙක් හිටියේ නෑ. පවුලේ තව ගොඩක් දෙනෙක් හිටියත්, ඒ අයට හිතන්න තම තමන්ගෙ ප්‍රශ්න තිබුනා වෙන්න ඇති . ඒ ප්‍රශ්න අතරෙ එක්කෝ මාව අමතක වුනා , මගහැරුනා, එහෙම නැත්නම් මගේ හිත හයියයි කියලා හිතලා එයාලා හිත හදාගත්තා.

ඒ අතරෙ මම ජීවිතය ට තනියම මුහුන දෙන්න වුවමනා වෙන ශක්තිය බින්දුවෙන් බින්දුව එකතු කලා.
ඇයි මට මෙහෙම වුනේ කියලා මම මගෙන් ම අහලා උත්තර හෙව්වා.

අවසානයේ සිද්ද වුනේ මොකක්ද ? මම ආදරය කරපු කෙනාත් මට නෑ, අම්මලා එකතු වෙලා හොයපු දොස්තරලා ත් නෑ, මට අම්මා ත් නෑ.

“ඔයාට තේරුම් ගන්න පුලුවන්ද චිත්‍රා , මට දැනුනු අසරණ කම? ”

“මට හොඳටම තේරෙනවා මාලනී ”
චිත්‍රා කිව්වෙ ඇස් වල කඳුලු පුරවගෙන.

මම හිත හදා ගත්තා, මිනිස්සුන්ට මෙහෙම දේවල් සිද්ද වෙනවා , කාලයත් එක්ක අපේ ජීවිත වෙනස් වෙනවා කියලා හිතලා.

Author: Chandani

I am a veterinary surgeon and Sri Lankan nationality .

3 thoughts on “පස්වන  පරිච්ඡේදය ”

  1. දුක හිතෙන කතාවක්. ලස්සනයි… අමු ගතියට කැමතියි කිය කළණෙ කිව්වට… මට හිතෙනවා මේ අව්‍යාජ බව රැකෙද්දිම භාෂාව තව ටිකක් ලස්සන කරන්න පුළුවන් කියල…

    Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s