ආවර්ජනා…..

  • පලමු පරිච්ඡේදයi

සුපුරුදු පරිදි උදෙන්ම නැගිටලා හැඩ වැඩ වෙලා මාලනී වැඩට ගියේ, ගෙවුණු රාත්‍රියේ හිතට දැනුනු සියලුම සිතුවිලි ගුලි කරලා ඇද යටට වීසි කරලා . ඒ ටිකත් එක්කම වැඩට ගියා නම් හිතට කිසිම ප්‍රබෝධයක් දැනෙන්නේ නැති නිසා ඇය එහෙම කරන්න පුරුදු වෙලා හිටියා .  .

හිනාවකින් මුව සරසා ගෙන හැමෝටම හොඳින් කතා කරලා  වැඩ කරගෙන යන අතර තුර දුරකථන ඇමතුමක් ආවෙ කාලෙකින් කතා නොකරපු යාලුවෙක් ගෙන්.

ඒ මාලනී ගේ පාසැල් කාලෙ  හොඳම යාලුවා.  එයාල  කසද බැන්දලා අවුරුදු 23ක් ලු. ඒක සමරන්න එයාල ගිහින් ඒ අය  මදු සමය ගෙවපු දිහාට . ඒ අතරෙ මාවත් මතක් වුනා කියලා විස්තර කතා කරා. දිගට කතාව ගෙනියන්න වැඩ කරන අතර තුරේ අමාරු නිසා , එයාලට සුභ පතලා පසුව කතා කරන්න පොරොන්දු වෙලා ඇමතුම ඉවර කලා.

දුරකථන සන්වාදය නිමා කලාට පස්සෙ මාලනී ට එකවරම හිතුනෙ  දෙවියනේ… මමත් ඒ කාලෙම බැන්දානම්….. ඒ තරම් කලයක් ගත වෙන්න තිබුනා නේද කියලා .

ඒ සිතුවිල්ලත් එක්කම , මාලනී ගේ හිත අතීතයට ඇදුනේ නිරායාසයෙන්.

සම්බන්ධ කම් නම් කීයක් තිබුනා ද? කී දෙනෙක්  නම් ජීවිතේට ලන් වුනද, කී දෙනෙක්  ලන්වෙන්න උත්සාහ කරාද, මම කී දෙනෙක් ව ප්‍රතික්ෂේප  කලා ද?? ඒ හැම මතකයක්ම හිත ඇතුලේ එකිනෙකා අභිබවා මතු වෙන්න දැගලුවේ …….හරියටම …..

ඒ හැමෝම අතරින් මුලින්ම හිතට අවේ ජයන්ත .මාලනී කාට හරි කෙනෙක් ට අවන්කව ආදරේ කලා නම් ඒ ජයන්ත ට. අහම්බෙන් වගේ සිදුවුනු ඒ හමුවීමත් දෛවෝපගත හමුවීමක් කියලා මාලනී ගේ හිතේ හැමදාමත් තිබුනා .

ඒත් එයාට මාලනී ගේ ගෙදරින් කැමති වුනේ නෑ. එයා ඒ වෙනකොට කරපු ලිපිකරු රැකියාව  මාලනී ගේ ගෙදර අයට ගැලපුනේ නෑ. ඒ නිසාම එයා ඒ රස්සාව අතෑරලා දාලා ව්‍යාපාරික යෙක් වුනු හැටිත්, ටික කලකින් සාර්තක වුනු හැටිත් මාලනී  මතක් කලේ දූකයි, සතුට යි දෙකම සමග..

ජයන්ත ට ව්‍යාපාර ය පවත්වාගෙන යන්න ඇති තරම් මුදල් තිබුණේ නෑ. ඒ හැම වෙලාවකම මාලනී ගේ පඩ්ය එහෙම නැත්නම් අතේ කරේ තිබුනු රත්තරං බඩු ගලවලා දීපු හැටි බැන්කුවට උකස් කරලා සල්ලි ගන්න, මාලනී ට දෑස් ඉදිරියේ  මැවිලා පෙනුනා. දිනෙන්දින දියුණු වුනු ජයන්ත  වෙන කසදයක් කරගත්තා.

දෙවන   පරිච්ඡේදය 

 

ඔය අතරෙ තමයි, මාලනී ගෙ අම්මා නැති වෙන්නෙ. ජයන්ත මල ගෙදර ඇවිත් ගිහින් තිබුනා . නමුත්  මාලනී ට මුන ගැහුනේ නෑ. එයාව දන්න එතන හිටපු අය තමයි පස්සෙ  කිව්වෙ.

මාසයක් විතර ගත වුනාට පස්සෙ දවසක මාලනී ට කෝල් එකක් අවා ජයන්ත ගෙන්.ඒ වෙනකොට මාලනී හිටියෙ මහා ගෙදර තනියම .හැමෝම කසද බැන්දලා වෙන වෙනම ජීවත් වුනු නිසා මහා ගෙදර ඉතුරු වෙලා හිටියේ අම්මා යි මාලනී යි විතරයි.

අම්මා අසනීප වෙලා හිටපු කාලය තුල මාලනී නිදි නැතුව කල්පනා කරා එයාගෙ ජීවිතයට සිද්ද වෙන්න යන දේ.

මාලනී  තේරුම් ගත්තා අම්මා ගේ මරණය ත් සමඟ මාලනී ගේ ජිව්තය ත් ඉවර වෙන බව.

ගැහැනු ලමයෙක්ට එයාගෙ අම්මා නැති වුනොත්  ජීවිතයේ ගොඩක් දේවල් අහිමි වෙනවා.

Story continues…තුන්වන පරිච්ඡේදය

“මොනවාද මාලනී මේ තරම් කල්පනා කරන්න්නේ?”

එකට සේවයේ යෙදෙන චිත්‍රාගේ කටහඩ්න් මාලනී  තිගැස්සුනා.

“ඔයා හිටියේ බොහොම දුර ඈතක, කොහෙද ඉගිල්ලුනේ? “

චිත්‍රා ඇහුවේ කුතුහලය සහා  ලෙන්ගතු බව දෙකම කැටි වුනු කට හඬකින්.

“ඇත්තමයි , හිත ගොඩක් දුර ගියා . අවුරුදු ගානක් පස්සට “.

“එන්න දැන් ඕවා අමතක කරලා වැඩ කරමු. අපි හවසට ගෙදර යන ගමන් කතා කරමු. ඔයා  දන්නවා නේ මම හොඳ  ඇහුම්කන් දෙන්නෙක් . මම  දන්නවා පරන මතක ඇවිස්සුනාම හිතට මොන තරම් බරක්ද කියලා . කතා කරාම ඒ බර සැහැල්ලු වෙනවා”.

ඒ සන්වාදයෙන් පස්සෙ  දෙන්නාම සුපුරුදු පරිදි  තම තමන්ගෙ වැඩ වල නිරත වුනා.

දවසත් හෙමි හෙමීට ගෙවිලා ගියා.

ගෙදර යන්න බස් එකට ගොඩ වෙන කොට හොඳ වෙලාවට දෙන්නාටම එක තැන වාඩි වෙන්න ඉඩ තිබුනා .හරි බරි ගැහිලා වාඩි වෙලා  මාලනී  කතාව පටන් ගත්තා .

“මට ජයන්ත හමුවෙන්නේ අහම්බෙන් . ඊට කලින් දවසේ රෑ ගෙදර ඒ රන්ඩුව නොවුනා නම් මම  ජයන්ත  ලඟ නතර නොවෙන්න තිබුනා”.

“ඒ මොකක්ද ඒ ගෙදර වුනු සිද්දිය”?

චිත්‍රා එහෙම අහුවේ මාලනී ට නිදහසේ කතා කරන්න  ඉඩ සලසා දෙන්න .

“ඒ වෙන කොට  මම  විශ්ව විද්‍යලෙන් අවුට් වෙලා  පත්වීමත් ලබලා හිටියේ . මම කා එක්ක වත් යාලු වෙලා  හිටියෙ නෑ. ගෙදරින් මට විවාහ  යෝජනා  ගේන කාලෙ. ඒත් හරියට  කෙනෙක්  ගලපා  ගන්න  බැරි වෙලා තිබුණේ .

මට අද හිතෙනවා  ගෙදර අය  ගලපන්න උත්සාහ  කලේ ඒ අයගේ  හිත් වලට සහා ඒ අයගේ  තත්ත්වයන්ට කියලා . මාලනී කියන  චරිතයට ගලපන්න හැදුවේ  නැහැ කියලා තමයි  මට හිතෙන්නෙ. කොහොම වුනත් මට ඊලඟ දවසේ උදේ නුවර යන්න තිබුනා යාලුවෙක් ගේ  විවාහ උත්සවය කට සහභාගි වෙන්න . අම්මා හිටියෙ මගෙ සාරී හැට්ටය මහමින්. හරියට ම මතක නෑ හේතුව , කොහොමින් හරි  මගෙ අක්කා කෙනෙක් මාත් එක්ක කතා වකට පැටලුනා.

මගේ අක්කා ගැන කිව්වොත්, එයා මට වඩා අවුරුදු 5ක් වැඩිමල් . ඒත් ඒ වෙනකොටත් එයත් කසාද බැඳලා හිටියේ නෑ.

එයාත් ඉන්න ඇත්තේ මානසික ආතතිය කින් කියලා මට දැන් නම් හිතෙනවා . ඒත් ඒ වෙලාවේ නම් මට ඔය මොනවත් හිතුනෙ නෑ, පපුව පැලෙන තරම් දුකක් ඇරැනකොට.”

” ඉතින් කියන්නකෝ අක්කා මොනවාද ඔයාට කිව්වෙ කියලා ” චිත්‍රා  කිව්වෙ  කුතුහලයෙන් .

එයා  කිව්වා මම හරි කාලකන්නයෙක් කියලා . මගේ  කාලකන්නි කමට තමයි  කිසිම මන්ගල යෝජනාවක්  හරි නොයන්නේ කියලා . ඒ කියපු දේ මගේ  පපුව හිල් කරගෙන ගියා . මගේ හිත කඩන් වැටුනා, කුඩු පට්ටම් වෙන්නම. මම  හොඳටම අඬලා නිදා ගත්තෙ. මට නින්ද යන්න කලින් මම අදිශ්ටාන කරගත්තා  හෙට යන  මඟුල් ගෙදර දී කවුරු හරි කෙනෙක්  මම දිහා බලලා  කැමැති වුනොත් , මම එයා එක්ක යාලු වෙනවා කියලා .

ඊලඟ දවසෙ උදේ මම  නුවර ගියේ තව යාලු ජෝඩුවක් එක්ක එයාලගේ වාහනේ.

එතනදී මම දැක්කා  ඇනස්ලි  මාලේවන කියන ගායකයා වගේ කෙනෙක් මගේ දිහා වරින් වර බල බලා ඉන්නවා . එදා හවස මම ගෙදර එන්න තිබුණේ බස් එකේ ,මොකද මගෙත් එක්ක ගිය අනිත් ජෝඩුව හෝම් කමින් එකටත් ඉඳලා එනවා කිව්වේ. එයාල කිව්වා  මාව ගිහින් බස් එකට දාන්නම් කියලා . ඕක ඇහුණා අර මම කලින් කියපු කෙනාට. එයා ගිහින් අපේ යලුවා මනමාල මහත්තයාට කියලා , කවුරු හරි  කොලඹ යන කෙනෙක් ඉන්න වා නම් දා ගෙන යන්න පුලුවන් , වාහනේ  ඉඩ තියෙනවා කියලා . ඊට පස්සෙ මම එයාගෙ වාහනේ තමයි එදා ගෙදර  ආවේ. ඒ තමයි අපේ කතාවේ පටන්  ගැන්ම.

ඒ කතාව එතන ඉඳන් අවුරුදු 17ක් පුරාවට ඇදෙනවා.

හතරවන පරිච්ඡේදය

ජයන්ත ට උපාධියක් නැති එක අපේ ගෙදර අය හරි ලොකුවටඅවලාද කිව්වා. මගෙන් සල්ලි ගන්න තමයි  මාත් එක්ක යාලු වෙලා ඉන්නෙ කියලා .

මම  හැම තිස්සෙම හිතුවෙ අපි එකතු වුනේ එකට ගමනක් යන්න, ඉතින් මම කොහොම ද උදව් නොකර ඉන්නෙ කියලා. මම ජයන්ත ට ගොඩක් ආදරය කලා . එයා කැමති විදියට ඇඳුම පැලඳුම පවා වෙනස් කලා, එයාව සතුටු කරන්න  හිතලා.

අපිට නිතර නිදහසේ හමු වෙන්න ඉඩක් තිබුණේ නැ. මම එතකොට  වැඩ කරේ කොලඹින් පිට , අම්පාරේ .සෙනසුරාදා ත් වරුවක් වැඩ. හැම සෙනසුරාදා ම, ජයන්ත උදෙන්ම පිටත් වෙනවා අම්පාරේ එන්න . එයා එනකොට  මගේ වැඩ ඉවර වෙලා . මම  දවල්ට කෑම හදාගෙන බලන් ඉන්නවා එයා එනකන්. අපි කෑම කාලා, පැයක් විතර කතා කර කර ඉඳලා අපහු එන්න පිටත් වෙනවා. රෑ 9.00 විතර වෙනකොට  මම ගෙදර ලඟින් බහිනවා. ඉරිදා මට එයාව හමු වෙන්න ඉඩක් නෑ. සතියේ දවස්වල ටෙලිපෝන් එකෙන් කතාව . එහෙම තමයි අපේ කතාව  ගෙවුනේ .

මම හැම තිස්සේම හිතුවා එයා මොන කැපවීම ක් ද කරන්නේ පැය 6ක් ගෙවා ගෙන හැම සතියේ ම යන්න මම තනියම බස් එකේ එන එක නතර කරන්න .මම හැම දාම හිතුවෙ  කෙනෙක්  තනියම හිතලා කවුරු හරි කෙනෙක් වෙනුවෙන්  කරන සියුම් දේවල් වල පවා ආදරය හරියට පිරිලා තියෙනවා කියලා .හැබැයි අපි අතරෙ තිබුනා  පරස්පර බවක්. අපි  දෙන්නගෙ අධ්‍යාපන  මට්ටම් වල වෙනස. මම ඒ බව තේරුම් අරගෙන කිසිම වෙලාවක එයාට ඉහළින් කතා නොකර  හිටියේ .  ඒ නිසාම තමයි අපේ කතාව  මේ තරම් කාලයක් දිගට ගලන්නේ .

Author: Chandani

I am a veterinary surgeon and Sri Lankan nationality .

8 thoughts on “ආවර්ජනා…..”

    1. හොඳ පැහැදිලි ලිවීම් ශයිලියක් වගේම ඉන්ටරෙස්ටින් කතාවක්. මට වැඩියෙන්ම දැනුන දේ පැහැදිලිබව. හුඟක් අයගේ ස්ටෝරි ලයින් එක හොඳ වුනාට ලිවීම පැහැදිලි නෑ. මේක දිග කෙටි කතාවක්ද කෙටි නවකතාවක්ද?

      Liked by 1 person

    1. කාට හරි එක වරටම එහෙම හිතෙන්න පුලුවන් . මම මෙතන අදහස් කරන්නේ කාන්තාව වැඩිදුර ඉගෙන ගත්තු තැනක්. මේකේ අනික් පැත්ත කොහොමට වත් ප්‍රශ්නයක් නෙවෙයි . පිරිමි එහෙම වෙනවා ට තමයි වැඩිපුර කැමති .

      මේ කතාවේ මාලනී ටත් ඒක ප්‍රශ්නයක් වුනේ නෑ. හරියටම කිව්වොත් මාලනී ඒක ප්‍රශ්නයක් වෙන්න ඉඩ තිබ්බේ නෑ.
      පිරිමි කියන ජාතිය හරිම ego centric .
      (Sorry , i dont know the sinhala word ) ඒ එක්කම අපේ රට තවමත් පුරුශාධිපත්‍යය තියෙන රටක් . එතනදි, කාන්තාව පිරිමියා අභිබවා ලබන අද්‍යාපනය , පිරිමි යාගේ මුලික වීමට ඇති රුචියට බාධාවක් වෙන්න පුලුවන් .
      හැබැයි මේ කතා නායිකාව මාලනී වගේ කාන්තාව විසින් ඇතිවිය හැකි ප්‍රශ්න තේරුම් අරගෙන එහෙම නොවෙන්න වග බලා ගැන්ම තුලින් ජීවිතය අරගල යකින් තොර ව පවත්වා ගත හැකි වෙනවා .

      Liked by 1 person

  1. ඉතාම හොඳයි. ඔයාගෙ සැඟවිලා තියෙන හැකියාවන් ඉස්මතු වේගෙන එමින් පවතිනව. මගේ සුබ පැතූම්.

    Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s